26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාස්කු ප්‍රහාරය: රජයේ නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග

පාස්කු ප්‍රහාරය: රජයේ නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයට අවනත නොවූ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

ඊයේ පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ඇසූ වාචික ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අප්‍රේල් 21 ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන්ගේ වීඩියෝ කිහිපයක් පිටවූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ කිසිදු පොලිස් නිලධාරියකු අපරාධකරුවන් ලෙස නම් කර නැහැ. ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන නිර්දේශ පමණයි එහි දැක්වෙන්නේ. චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කරයි. එමෙන්ම එම ප්‍රහාරවලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වගකිව යුතු බවට ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහනක් නැහැ.”