26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාස්කු වාර්තාවේ තොරතුරු ජනතාවට දෙන්න බෑ - කථානායක

පාස්කු වාර්තාවේ තොරතුරු ජනතාවට දෙන්න බෑ – කථානායක

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන මහජනතාව වෙත ලබාදිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

“පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා නොදීම පිළිබඳ මෙම සභාවේ මතුකරනු ලැබූ කරුණු සහ එකී සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන මහජනතාවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධව මේ දිනවල විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය මම මේ ගරු සභාවට දැනුම්දීමට කැමැත්තෙමි. ජනාධිපති ලේකම්වරයා විසින් ඔහුගේ 2022යි 03යි 03 වන දින 2022 යි 03යි 14 වන දිනැති ලිපිය මගින් මාවෙත දැනුම්දී තිබූ පරිදි අදාළ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා එම රහසිගත සාක්ෂි සටහන් ඇතුළත් තොරතුරු මහජනතාව වෙත විවෘත කිරීමට නොහැකි බවත්, පාර්ලිමේන්තු මහලේකම්ගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පමණක් ම භාවිත කළ යුතු බවත් 2023යි 09යි 12 වන දිනැති ලිපිය මගින් ද ජනාධිපති ලේකම්වරයා විසින් නැවතත් අවධාරණය කර ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.”