24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිරිමි දරුවෙකුට හදි කළ හිමිනමක් අත්අඩංගුවට

පිරිමි දරුවෙකුට හදි කළ හිමිනමක් අත්අඩංගුවට

වයස අවුරුදු 13 ක් වන පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බව කියන චීවරධාරියෙකුව ඇහැටුවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගස්වැව ප්‍රදේශයේ රාජමහා විහාරයක වැඩ වාසය කරමින් සිටි චීවරධාරියෙක්.

සැකකාර චීවරධාරියා වැඩ වාසය කරන විහාරස්ථානයේ සිටින පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අතවරයන්ට මුහුණ දෙන බවට ළමා ආරක්ෂණ අධිකරියට තොරතුරක් ලැබී ඇත. එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය ඇහැටුවැව පොලීසියට දැණුම් දී තිබේ.

ඒ අනුව ඇහැටුවැව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකාර චීවරධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.