27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 13ක රන් බිස්කට් ගුවන්තොටේදී අල්ලයි

මිලියන 13ක රන් බිස්කට් ගුවන්තොටේදී අල්ලයි

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් නීති විරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන සැකකරු අද උදෑසන 05.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු ගුවන්තොටුපොළේ සියලුම පරීක්ෂණ නිමවා පිටතට යමින් සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු රැගෙන ආ ගමන් මලු තුළ තිබී මෙම ග්‍රෑම් 616ක් බරැති රන් බිස්කට් සොයා ගෙන ඇත්තේ.

පසුව මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ රන් බිස්කට් සියල්ල වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.