27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 132ක ගංජා තොගයක් මීගමුවේදී අත්අඩංගුවට

මිලියන 132ක ගංජා තොගයක් මීගමුවේදී අත්අඩංගුවට

මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 400කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බටහිර නාවික විධානයට අයත් කැළණි නෞකාව මඟින් අද මංකුලිය කළපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී එම කළපු ප්‍රදේශයේ නවතා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එහි සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් 10ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 400යි ග්‍රෑම් 810ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 132කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ. නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.