ශ්‍රී ලංකා සීනි සමාගම නිෂ්පාදනය කරන එතනෝල් ඉදිරියේදී අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සීනි සමාගමේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්ර පැවසීය.
එහි පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළට එතනෝල් නැව්ගත කිරීම සඳහා එරට සමාගමක් සමඟ සාකච්ඡා කර ඇති බවත්, එම සමාගම සතියකට එතනෝල් ලීටර් 30,000ක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය.
දේශීය සමාගම් එතනෝල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින් ශ්‍රී ලංකා සීනි සමාගමේ ගබඩාවල එතනෝල් ලීටර් ලක්ෂ 10ක් තිබෙන බව වාර්තා වේ.