28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට සංවර්ධනයට USAID වෙතින් ඩොලර් මිලියන 19ක්

මෙරට සංවර්ධනයට USAID වෙතින් ඩොලර් මිලියන 19ක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 19කට වැඩි අතිරේක මුදලක් වෙන් කරන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID ආයතනය මේ බව නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USඇඓඪ් සහ ශ්‍රී ලංකා රජය අතර ඇති ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවට හිමිවන අතිරේක මුදල අමෙරිකානු ඩොලර් මිලියන 19 යි දශම 2 කි.

මීට අදාළ ගිවිසුම ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කර ඇති අතර එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්, මහින්ද සිරිවර්ධන පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සමීප සහයෝගීතාවය සහ සුහද හවුල්කාරිත්වය මෙරට ජනතාව අගය කරන බවයි.

මෙම අරමුදල් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය දරන උත්සාහයන් ශක්තිමත් කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.