30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමාගම් 02කින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලොකු පොල්ලක්

සමාගම් 02කින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලොකු පොල්ලක්

මෙරට සුරාබදු ගෙවීම් ප්‍රමාද වූ ආයතන 7ක් පවතින බවත් ඉන් සමාගම් 02ක් රුපියල් බිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇති බවත් අනාවරණය වී තිබේ.

ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩාව යන සමාගම් දෙකයි මෙලෙස රුපියල් බිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇති සමාගම් වන්නේ.

අදාළ සමාගම් තම හිඟ බදු ඔක්තෝබර් 15 වැනිදාට පෙර ගෙවීම් කළ යුතු බවත් එසේ නොකළ හොත් ඔක්තෝබර් 30 වැනිදා වනවිට බලපත්‍ර අත්හිටුවන් බවත් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.