29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසේවය අතහැර ගිය පසුත් වසර 04ක් වැටුප් ගෙවලා

සේවය අතහැර ගිය පසුත් වසර 04ක් වැටුප් ගෙවලා

මහනුවර මහ නගර සභාවට බඳවාගත් කම්කරුවෙකු මාස 03 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සේවය අතහැර ගිය පසුත් වසර 04 ක කාලයක් වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ විගණන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් 2019 වසරේ අප්‍රේල් මස 02 වැනි දින රුපියල් 30,500ක මාසික වැටුපකට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුනගර සභාවේ ජල දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොට ඇති අතර එම වසරේම ජූලි මාසයේදී ඝන අපද්‍රව්‍ය එකකයට ස්ථාන මාරුවක් ලබා දීමෙන් පසු ඔහු සේවය හැරගොස් තිබේ.

ඔහු එසේ වැටුප් ලැබූ කාලය තුළ වසර එකහමාරක කාලයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුප්ථාපනය කරන කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී ඇති බවද අනාවරණය වී තිබේ. එසේ ඔහුට ගෙවා ඇති වැටුප් මුදල රුපියල් ලක්ෂ 17 ක්.

ඔහු සේවය හැර ගොස් ඇති බවට ඝන අපද්‍රව්‍ය ඒකකය විසින් නගර සභා පරිපාලනයට දන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.