27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් හා ජෝ බයිඩන් අතර හමුවක්

ජනපති රනිල් හා ජෝ බයිඩන් අතර හමුවක්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී සිදු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදීයි මෙම හමුව සිදු වී ඇත්තේ.

මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා මිත්‍රශීලිව පිළිගෙන තිබෙනවා.

සුහද කථා බහකින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ බයිඩ්න් යුවළ සමඟ සමූහ ඡායාරූපයකටද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.