ජනතා විමුක්ති පෙරමුණට නගන චෝදනා පුස් වෙඩි මිස සත්‍ය වෙඩි නොවන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊබ්රාහිම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බවයි.
එමෙන්ම ඊබ්‍රාහිම්ට විරුද්ධව දිසා අධිකරණයේ 2017 වසරේ පැවරුණු නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ අලි සබ්රි බවත් එහෙම කළා කියා අලි සබ්රි මේ ත්‍රස්ත්‍ර ක්‍රියාවට සම්බන්ධ යැයි ලඝු කළ යුතු නැති බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.