25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportදේශීය ක්‍රිකට් තරග යළි ඇරඹෙයි

දේශීය ක්‍රිකට් තරග යළි ඇරඹෙයි

දේශීය ක්‍රිකට් තරඟාවලි හෙට (22) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම තීරණය ගෙන ඇති බවයි. ක්‍රීඩා අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යාංශය විසින් මෙම එකඟතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් මෙම එකඟතාව පළ කළ බවයි.

ඒ අනුව මේජර් ක්ලබ් තුන් දින තරඟාවලිය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටු තීරණයක් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සැප්තැම්බර් 01 වන දින සිට සියලුම දේශීය තරඟාවලි අත්හිටුවනු ලැබුවා.