‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් මෙම වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙනුයි මෙලෙස පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇත්තේ.
කෙසේවෙතත් අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනු ලබයි.
නිපා වෛරසය හඳුනාගැනීමට ඇණවුම් කර ඇති පරීක්ෂණ කට්ටල දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිතය.