― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපාස්කු ප්‍රහාරයේ වගකීම මමත් බාරගන්නවා - සජිත්

පාස්කු ප්‍රහාරයේ වගකීම මමත් බාරගන්නවා – සජිත්

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම තමන්ද භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේදී අද (22) දිනයේ අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.
එමෙන්ම කුමන ආණ්ඩුවකට හෝ මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදී අත සෝදාගැනීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනෙකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීමක් පිළිබඳව ද විපක්ෂ නායකවරයා අද අනාවරණයක් කළා.

එලෙස මාරු කර යැවූ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින එය සභාගත කිරීමට ද ඔහු කටයුතු කරණු ලැබුවා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 700 දෙනකුට විදෙස් ගමන් තහනම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක් බවත් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.