― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපේරාදෙණිය සරසවියේ සිසුවෙකු හදිසියේම මියයයි

පේරාදෙණිය සරසවියේ සිසුවෙකු හදිසියේම මියයයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ සිසුවකු අද (22) හදිසියේ මිය ගොස් තිබෙන බව වාකථා වෙනවා.

මෙම සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙන ගත් සිසුවකු වන අතර හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක රෝගි තත්ත්වයක් නිසා මෙලෙස මිස ගොස් තිබෙනවා.

මෙම දන්ත වෛද්‍ය සිසුවා වයස අවුරුදු 22ක මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු විශ්ව විද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි ඇති අතර අද (22) අලුයම මෙම රෝගී තත්ත්වය උත්සන්න වී පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පේරාදෙණිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.