25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිලියන 10ක ටින් මාලු විනාශ කරයි

මිලියන 10ක ටින් මාලු විනාශ කරයි

රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කර දමා තිබෙනවා.

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මතයි පසුගිය ජුනි මස 20 වනදා පන්නල, ගලයාය ප්‍රදේශයේ තොග ගබඩාවක තිබී තොරතුරු වෙනස් කළ මෙම ආනයනික ටින් මාළු තොගය සොයා ගනු ලැබුවේ.

පාරිභෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදු කර මෙම ටින් මාලු තොගය අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ගබඩාවේ තිබූ ආනයනික ටින් මාළු ඇසුරුම් 16150ක් පමණ නිසි ප්‍රමිතියට නොතිබු අතර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින බැවින් එම ටින් මාළු තොගය පාරිභෝගික අධිකාරිය භාරයට ගනු ලැබුවා.

මෙම ටින් මාළුවල තොරතුරු වෙනස් කර ව්‍යාජ ලේබල් අලවා නැවත වෙළෙඳපලට නිකුත් කිරිමට සුදානම් කිරීම පාරිභෝගික පනතට එරෙහි ක්‍රියාවක් බවයි මෙහිදී නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවේ.

ආනයනික ටින් මාළු තොගය මුද්‍රා තබා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම අධිකරණයෙන් ලැබුණු තින්දුව මත මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුතු ටින් මාළු තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය යටතේ විනාශ කර තිබෙනවා