― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලක්මව බැබලවූ කායවර්ධන ශූරයින් දිවයිනට

ලක්මව බැබලවූ කායවර්ධන ශූරයින් දිවයිනට

ජපානයේ පැවති ආසියානු පැසිෆික් කළාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපන 2023 තරගාවලියේ දස්කම් දැක්වීමට සමත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ මෙම ක්‍රීඩකයින් ඊයේ (21) රාත්‍රී 09.50ට පමණ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ- 47 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිනි බවයි.

ආසියානු ෆැසිපික් කළාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපන 2023 තරගාවලිය රටවල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කගේ සහභාගීත්වයෙන් ජපානයේ ටෝකියෝ නුවරදී පසුගිය 16 සහ 17 යන දෙදින තුළ පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජන කළ සුමිත් චන්දන ද සිල්වා කිලෝ ග්‍රෑම් 70 – 75 බර පංතිය යටතේ කායවර්ධන අංශයෙන් ශූරතාවය දිනාගනිමින් රන් පදක්කම හිමිකර ගත්තා.

ඊට අමතරව ජීන්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ, තරංග සංජීව සහ ස්පෝර්ට්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ, අකිල ශාමික ප්‍රනාන්දු යන දෙදෙනා ද එම අංශවලින් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මෙම ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා කායවර්ධන සහ ශාරීරික නිරූපන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.