― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවගා ළිඳකට වැටී සිටි වන අලි පැටවෙක් බාධක රැසක් මැද ගොඩ ගනී

වගා ළිඳකට වැටී සිටි වන අලි පැටවෙක් බාධක රැසක් මැද ගොඩ ගනී

කැකිරාව කලාගම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලි පැටවකු ගොඩ ගැනීමේ මෙහෙයුමක් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා.

කලාවැව ජාතික උද්‍යානයේ සිට තම මව සමග ආහාර සොයා ගම්වැදුනු වන අලි පැටවකු මෙලෙස අනාරක්ෂිත වගා ළිඳට වැටී සිට ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

කලාවැව ජාතික උද්‍යානයට මායිම්ව පිහිටි වගා බිමක ඉදිකර තිබූ අනාරක්ෂිත වගා ළිඳකට ඊයේ රාත්‍රී මෙම අලි පැටවා වැටී තිබුණා.

අලි පැටවා වගා ළිදට වැටුණු අවස්ථාවේ සිට මව් කෙනර ද එම වගා ළිඳ ආසන්නයේ රැදී සිට තිබෙනවා.

අලි පැටවා ගොඩ ගැනීම සඳහා නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කළ ද මව් කෙනරගේ කලහකාරී හැසිරීම එම මෙහෙයුම් සඳහා බාධාවක් වූ බව සඳහන්.

පැවැති තත්ත්වය මත මහත් පරිශ්‍රමයක් දරා වනජීවී නිලධාරීන් විසින් මව් කෙනෙර වනයට පලවා හැරීමෙන් පසුවයි පැටවා ගොඩ ගැනීමේ මෙහයුම් ආරම්භ කර ඇත්තේ.

අලි පැටවා ගොඩ ගැනීමේ මෙහයුම සදහා ජේ.සී.බී. යන්ත්‍රයක් ද එම ස්ථානයට රැගෙන ඒමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබූ අතර එම යන්ත්‍රය අලි පැටවා වැටී සිටි ළිඳ ආසන්නයට රැගෙන යාමත් සමග ඒ ආසන්නයේ සිටි මව් කෙනෙර එම ස්ථානයට යළි කඩා වැදී ජේ.සී.බී. යන්ත්‍රයට පහර දී තිබෙනවා.

එහිදී එහි රියදුරා සහ රිය සහයකයාගේ මෙන්ම අවට සිටි නිලධාරීන්ගේ දිවි බේරා ගැනීමට යළිත් කෙනර එම ස්ථානයෙන් පලවා හැරීමටයි වනජීවී නිලධාරීන්ට සිදුවී ඇත්තේ.

මව් කෙනෙර යළිත් කැලයට පලවා හැරීමෙන් පසුව වහාම අලි පැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ අතර පැයක පමණ මෙහෙයුමකින් පසුව ළිඳෙන් ගොඩට ආ වන අලි පැටවා වනජීවී නිලධාරීන් පසු පස හඹා ගොස් තිබෙනවා.

එහිදී කලාවැව රක්ෂිතයේ සිට යළිත් එම ස්ථානයට කඩා වැදුනු මව් කෙනෙර ළිදෙන් ගොඩ ගෙන සිටි තම පැටවා වැළද ගෙන ආරක්ෂිතව කලාවැව ජාතික උද්‍යානය වෙත ගමන් කරන අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.