― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවහාම විදෙස් ප්‍රතිකාර ගන්න - හරින්ට වෛද්‍ය උපදෙස්

වහාම විදෙස් ප්‍රතිකාර ගන්න – හරින්ට වෛද්‍ය උපදෙස්

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මාසයකට ආසන්න කාලයක් දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුකොටගෙන හේතුකොටගෙන රෝහල්ගතව සිටි අතර අසනීප තත්ත්වය  බරපතළ  නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළේ විදෙස්ගතව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසය.

ඒ අනුව අමාත්‍යවරයා පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත විය.

මීට පෙර අමාත්‍යංශය විසින් සංවිධානය කළ යාල “හිල්ටන් හෝටලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ප්‍රථම හෙතෙම සැත්කම් දෙකකට භාජනය වූ අතර ඔහු අදාළ උත්සවයට පැමිණියේ ද සම්පූර්ණයෙන් සුව වීමට පෙරය.

එහිදී නැවත ආබාධ තත්ත්වය සහ තුවාලය ඉස්මතු වූ අතර ඒ බව නොතකා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා රූපවාහිනි නාලිකාවක පැවති ප්‍රසිද්ධ වැඩසටහනකට ද සහභාගී විය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේ වැඩියම කතා කළේ මම.සමහරු කියනවා හරි නිහඬ වෙලා කියලා දැන්.මේ චූදිතයෝ සහ මහා මොළකරුවන් අල්ලන්න කියලා මම ඊයේ කළ සටනම අදත් කරනවා. හෙටත් කරනවා.” හරින් එහිදී  කීවේය.

ඒ අතර හරින් රූපවාහිනී වැඩසටහන අවසන් වී නැවත නිවසට පැමිණි අතර දණහිසේ මතුව තිබූ තුවාලය නැවත ඉස්මතුවිය.

වහාම ඒ දින ඔහු නැවතත් රෝහල්ගත වූ අතර කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට වෛද්‍යවරුන් යුහුසුළු වූහ.

කෙසේවෙතත් තත්ත්වය තවදුරටත් එසේ පැවැතියදී වෛද්‍යවරුන් පවසා සිටියේ වහාම විදෙස්ගතවී ප්‍රතිකාර ගැනීම සුදුසු බව ය.

ඒ අනුව ඔහු මීට දින කීපයකට පෙර සිය පෞද්ගලික වියදමින් විදෙස් ගත වූයේ ප්‍රතිකාර ලබා ගැනීමටය.