― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිවාජිලිංගම්ට අධි චෝදනා බාර දී ඇප මත මුදාහරියි

සිවාජිලිංගම්ට අධි චෝදනා බාර දී ඇප මත මුදාහරියි

2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීම හෝ ඊට සහභාගි වීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර අද විත්තිකරුට භාරදීම සිදු කෙරුණා.

ඉන්පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව ඔක්තෝබර් මස 20 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

2020 වසරේ සැප්තැම්බර් මස 15 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය, කොන්ඩාවිල් හී පිහිටි කෝකුල පාරේදී තහනම් කර තිබෙන කොටි සංවිධානයේ මියගිය සාමාජිකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් නමැත්තා මියගිය 33 වසර අනුස්මරණය කිරීම සඳහා උත්සවයක් සංවිධානය කිරීමෙන් හෝ ඊට සහභාගි වීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද 2011 අගෝස්තු 29 වනදා නිකුත් කරනු ලැබූ කොටි සංවිධානය තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයේ අන්තර්ගත ප්‍රතිපාදන උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් විත්තිකාර සිවාජිලිංගම්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

අධිචෝදනා පත්‍ භාරදීම සඳහා මෙම නඩුව ඉකුත් අගෝස්තු 25 වනදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සිවාජිලිංගම් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඉන් අනතුරුව නීතිඥ උදාර මුහන්දිරම්ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මාර්ගයෙන් විත්තිකාර සිවාජිලිංගම් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔහුගේ නීතිඥවරු සදහන් කළේ තම සේවාදායකයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉන්දියාවට ගොස් සිටි බවත් මේ පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් අනතුරුව අද (22) දින මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.