― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsචොකලට් සොරකම් කළ තරුණියට පහරදුන් සුපිරි වෙළඳසැලේ 5ක් අත්අඩංගුවට

චොකලට් සොරකම් කළ තරුණියට පහරදුන් සුපිරි වෙළඳසැලේ 5ක් අත්අඩංගුවට

ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලක් තුළ දී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනෙක් ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිසිය විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බොරැල්ල කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළදියි,

පහර කෑමට ලක්වූ තරුණිය පසුගිය 18 වනදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බොරැල්ල පොලිසියේ විසිනුයි පරීක්ෂණ සිදු කරන්නේ.