28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියණිය කෙළෙසා රටින් පනින්න හැදූ පියා අල්ලයි

දියණිය කෙළෙසා රටින් පනින්න හැදූ පියා අල්ලයි

සිය දියණිය කෙළෙසා විදෙස් රටකට පළා යෑමට තැත්කළ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන්, ඩුබායි හරහා ඉතාලිය වෙත පළා යෑමට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඉතාලියේ පදිංචිව සිටින අතර, කෙටි නිවාඩුවක් සඳහා පසුගිය ද මෙරටට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවවේ වෙන්නප්පුව, උදාසිරිගම ප්‍රදේශයේ ඔහුගේ බිරිඳ සමඟ ජීවත් වූ දියණිය සැකකරු විසින් දූෂණය කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එම සිද්ධියේ පසු සුජීව ප්‍රසන්න ප්‍රනාන්දු නැමැති 49 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබූ අතර, මේ සම්බන්ධයෙන් පොලිසිය ඊයේ (22) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී අධිකරණය විසින් සැකකරුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

ඒ අනුවයි මෙම සැකකරු අද (23) උදෑසන රටින් පළා යෑමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුට දැරියන් සිව්දෙනෙක් සහ එක් පිරිමි දරුවෙක් සිටින අතර, මෙලෙස දූෂණය කර ඇත්තේ 12 හැවිරිදි වියේ පසු වූ දියණිය බවයි වාර්තා වුණේ.