26.1 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ඹුරුපිටිය සපුගොඩ ප්‍රදේශයේදී කිරඹආර ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස මියගොස් ඇත්තේ කඹුරුපිටිය උල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි සිසුවෙක්.

ඔහු අධ්‍යාපනය ලබන පාසලේ පැවති හොකී පුහුණු කටයුතු අවසන් වීමෙන් පසු තවත් සිසුන් 9 දෙනෙකු සමග නිවෙස් වෙත යන අතර කිරඹ ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාරදී තිබෙනවා.

මියගිය සිසුවා මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.

ඔහු පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ අයෙක් බව සඳහන්.

මෙම සිද්ධිය පිළිබඳ කඹුරුපිටිය පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.