― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහරක් කටාට උදව්කළ කොස්තාපල් පැනගිය මෝටර් රථය සමඟ දෙදෙනෙකු අල්ලයි

හරක් කටාට උදව්කළ කොස්තාපල් පැනගිය මෝටර් රථය සමඟ දෙදෙනෙකු අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේ දී එයින් පළා ගිය කොස්තාපල්වරයා මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා ද සමඟ සැකකාර කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන මෝටර් රථය ද පොලිස් භාරයට ගත බව එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

එම මෝටර් රථය මාතර, කැකනදුර ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් ඊට පෙර දින රුපියල් විසිදහසක් ගෙවා ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින මිදිගම රුවන් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය 10 වන දින ‘හරක් කටා’ නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී සැකකාර කොස්තාපල්වරයා ඔවුන්ට මත් මිශ්‍ර කිරි ටොෆි සහ තේ ලබාදී නින්ද යාමෙන් අනතුරුව උපක්‍රමශීලීව හරක් කටාව වැසිකිළියට රැගෙන ගොස් ඔහුගේ අත් මංචු බුරුල් කිරීමට කටයුතු කර තිබුණා.

අනතුරුව හරක් කටා විශේෂ කාර‍ය් බළකාය සෙබළකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා අනෙකුත් නිලධාරීන් විසින් එය වළක්වා තිබූ බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.