― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඅමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම...

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සිදු විය.

කෘතියේ පළමු පිටපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් වෙත කෘතිය පිළිගන්වනු ලැබිණ.

මනූෂ නානායක්කාර මහතා විසින් වසර 23කට පෙර මාධ්‍යවේදියෙකු ලෙස ආරම්භ කරන ලද ගවේෂණයක අවසන් ප්‍රතිඵලය මෙලෙස ග්‍රන්ථයක් මගින් එළිදක්වා තිබේ.

ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ඉතිහාස පිළිබද දක්ෂිණාංශික විග්‍රහයක් සහිතව එක් ග්‍රන්ථයකින් කියවීමේ අවස්ථාව මෙමගින් හිමිවන අතර සමස්ත කම්කරු ව්‍යාපාරය හා අනාගත ශ්‍රම වෙළදපොළ සම්බන්ධයෙන් වන පැහැදිළි දැක්මක්ද ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර තිබේ.

කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට ලියවී ඇති සියලුම ග්‍රන්ථ සහ ප්‍රකාශන අධ්‍යනයන කර කම්කරු ඉතිහාසයේ සැගවුන සිදුවීම්වල යතාර්ථය කරළියට ගැනීමට මෙමගින් උත්සාහ ගෙන ඇත.

මෙම කෘතියේ සම්පූර්ණ කර්තෘ භාගය සහ ආදායම සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත්වන ශ්‍රී ලංකාවේ කැෆර් ජනතාවගේ සහ කම්කරුවන්ගේ දරුවන්ගේ සුභසාධනය සඳහා වෙන් කර තිබීම විශේෂත්වයකි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බවයි.