27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දීය කාන්තා කණ්ඩායම රන් පදක්කම දිනාගනී

ඉන්දීය කාන්තා කණ්ඩායම රන් පදක්කම දිනාගනී

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ රන් පදක්කම වෙනුවෙන් පැවති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 19කින් පරාජය කරමින්. ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජයත් සමඟ සිදුවුණේ රිදී පදක්කමින් සෑහීමට පත්වීමටයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මෙම තරගය ලකුණු 19කින් ජයගෙන චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.