― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsකතක් පැහැරගෙන කප්පම් ඉල්ලූ කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

කතක් පැහැරගෙන කප්පම් ඉල්ලූ කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

කාන්තාවක් පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගෙන කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ බව කියන තවත් කාන්තාවන් දෙදෙනෙකු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ – දළුවාකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

කිසියම් පිරිසක් විසින් තම බිරිඳ පැහැරගෙන ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක රඳවා තබාගෙන කප්පම් මුදලක් ඉල්ලා සිටින බවට කටුනේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ (24) මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ පොලීසිය කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක සිරකරගෙන සිටි කාන්තාව මුදාගැනීමට කටයුතු කර තිබෙනවා. එහිදී අදාළ කාන්තාව පැහැරගෙන ගොස් බහලත්කාරයෙන් රඳවා තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මීට සහයෝගය දුන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබඳව ද කරුණු අනාවරණය කර ගකිමට හැකිව තිබෙනවා.

එම සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

පැහැරගැනීමට ලක්වූ කාන්තාව අධික මානසික පීඩනයකට ලක්ව ඇති බැවින් ඇය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාව පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.