27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුබෝවිල නිවුන් දරුවන් මියයාම ගැන පරීක්ෂණ

කළුබෝවිල නිවුන් දරුවන් මියයාම ගැන පරීක්ෂණ

කළුබෝවිල රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය 09 වැමිදා කැස්බෑව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප්‍රසූත කළ අතර අඩු බරින් යුක්ත වීම හේතුවෙන් බිළිඳුන් දෙදෙනා නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කර තිබේ.

ඉන් දින 10කට පසු පසුගිය 18 වැනිදා පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත. වෛද්‍යවරුන් බිළිඳාගේ මරණය විෂබීජයක් ශරිරගත වීමක් හේතුවෙන් බවට ප්‍රකාශ කර තිබුණද පසුව අනාවරණය වී ඇත්තේ ශ්වසන අපසුතාවයක් හේතුවෙන් මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ උදෑසන අනෙක් බිළිඳිය බැලීම සඳහා නොමේරු ළදරු ඒකකය වෙත ගිය මවට දැනගන්නට ලැබී ඇත්තේ එම බිළිඳියද මියගොස් ඇති බවයි.

විශේෂ නිලධාරියෙකු රෝහල වෙත යොමුකර අදාළ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය සඳහන් කළේ.

අදාළ දරුවන් දෙදෙනා මියයාම සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව දෙමාපියන් රෝහල් අධ්‍යක්ෂවරියගෙන් පරික්ෂණයක් ඉල්ලා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.