27.8 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩා දරුවෙක් චන්ද්‍රිකා වැවට බිලිවෙයි

කුඩා දරුවෙක් චන්ද්‍රිකා වැවට බිලිවෙයි

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ගිලීමෙන් වයස අවුරුදු 09ක කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දරුවා ඊයේ (24) දහවල් වැවේ දියනාමින් සිටියදී දියේ ගිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් දරුවා බේරාගෙන රෝහල් ගතකර ඇති අතර එම අවස්ථාවේ දී දරුවා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, කණාමැදිරිආර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්. මෙම දරුවා සිය මව සහ තවත් දෙදෙනෙකු සමඟ පැමිණ වැවේ සොරොව්ව අසළ දියනාමින් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.