මාසික ජල බිල්පත් කෙටි පණිවිඩ මඟින් ප්රදේශ කිහිපයකට ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්රිකුණාමලය යන ප්රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්රියාත්මක වන බවයි.
2023 ඔක්තෝම්බර් 1 වනදා සිට මෙම ක්රමය ක්රියාත්මකය.