26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිපා වෛරසයෙන් බේරෙන්න ආරක්ෂිත වැඩපිළිවෙලක්

නිපා වෛරසයෙන් බේරෙන්න ආරක්ෂිත වැඩපිළිවෙලක්

නිපා වෛරසය පිළිබඳ ආරක්ෂිත වැඩපිළිවෙලකට යායුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) මහනුවර පැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නිපා වෛරසය පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊට අදාළ උපදෙස් නිරන්තරයෙන් ලබා ගන්නා බවත්ය.

ඉන්දියාවේ – කේරළ ප්‍රාන්තය තුළ මෙම වෛරසය පැතිරයාමත් සමඟ මේ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඉන්දියාවෙන් නීපා වෛරසය ආසාදනය වූ රෝගීන් 6 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මරණ දෙකක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.