26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධී සූදුපොළක් ගම්පොළදී වටලයි

නීතිවිරෝධී සූදුපොළක් ගම්පොළදී වටලයි

ව්‍යාපාරිකයන්, හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු ප්‍රභූ පිරිස් එක්ව හොර රහසේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතවන ස්ථානයක් ගම්පොල පොලිසිය මඟින් ඊයේ (24) රාත්‍රියේ වටලා තිබෙනවා.

ගම්පොල, අටබාගේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නීති විරෝධී ලෙස මෙම සූදුපොළ පවතවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේදී එහි රැඳී සිටි පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන් වෙන් කරවාගෙන කාලයක සිට මෙම නීති විරෝධී සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

රුපියල් ලක්ෂ තුනත්, හතරත් අතර මුදලක් පෙන්වීමෙන් පසු මෙයට ඇතුළුවීමට අවසර ලබාදෙන අතර ආහාර පාන ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ද එහිදී ලබාදෙන බවටද අනවරණය වී තිබෙනවා.

සූදුපොළට අමතරව මේ තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් ද ක්‍රියාත්මක වී ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් ගිනිගත්හේන, නාවලපිටිය, ගම්පොළ, උඩුනුවර, පේරාදෙණිය, පිළිමතලාව වැනි ප්‍රදේශවල අයවලුන් බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හමුදා කපිතාන්වරයෙකු ද සිටින අතර ඔවුන් ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.