27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාඨලීට එරෙහි නඩුව ලබන වසරට කල් යයි

පාඨලීට එරෙහි නඩුව ලබන වසරට කල් යයි

පාඨලී චම්පික රණවකට එරෙහි රිය අනතුරු නඩුව ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා කල් ගොස් තිබේ.

2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව තිබූ නඩුවයි මෙලෙස කල් දමා ඇත්තේ.

එම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥවරයා මෙම නඩු විභාගය වළක්වමින් ඉහළ අධිකරණයෙන් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජනවාරි 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.