30.6 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගොඩ ගෘහ භාණ්ඩ තොග වෙළදසැලක විශාල මුදල් පැහැර ගැනීමක්

මීගොඩ ගෘහ භාණ්ඩ තොග වෙළදසැලක විශාල මුදල් පැහැර ගැනීමක්

මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද (25) දින සවස ගෘහ භාණ්ඩ තොග වෙළදසැලක ඇතුලුවී සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් රැගෙන ආයතනයට ඇතුළු වී එහි පිළිගැනීමේ නිළධාරිණියන් දෙදෙනා බියගන්වා එහි තිබූ මුදල් රැගෙන පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.

සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.