― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමුතුපන්තිය වෙරළේ බිළිඳු මළ සිරුරක්

මුතුපන්තිය වෙරළේ බිළිඳු මළ සිරුරක්

බිළිඳු මළ සිරුරක් මුතුපන්තිය වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බව ආරචිකට්ටුව පොලීසිය පවසනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (24) මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. මේ අතර වෙරළට ගොඩගසා තිබූ බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පැවසුවේ.

මේ අතර දරු ප්‍රසූතියක් සිදුකර එලෙස බිහිකළ බිළිඳා නොමැතිව නිවසේ අසාධ්‍ය තත්ත්වයෙන් රැදී සිටි කාන්තාවක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව හලාවත, දැදුරුඔය, ජල ටැංකිය ගම්මානයේ පදිංචිව සිටි 36 හැවිරිදි තැනැත්තියක්. මෙම කාන්තාව පසුගිය දිනවල දරුවෙකු ලැබීමට ආසන්න තත්ත්තවයේ සිටි බවත් දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවන බව පවසා නිවසින් පිටත්ව ගොස් තනිවම ආපසු නිවසට පැමිණ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකළ සොයාබැලීමෙන් අනතුරුව සැකකාර කත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව මේ වන විට දරුවන් 06 දෙනෙකු ප්‍රසූත කර ඇති නමුත් ඒ එකම දරුවෙකු හෝ ඇය සමඟ වාසය නොකරන බව ද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය දිනයේ තමන් විසින් ප්‍රසූත කළ දරුවා සම්බන්ධයෙන් ද මෙම කාන්තාව විසින් කිසිඳු ප්‍රකාශයක් මේ වනතුරු සිදුකර නොමැති බවයි පොලිසිය පැවසුවේ.

තමන් ප්‍රසූත කළ දරුවා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට කරුණු ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා.