මෙරටින් බිත්තර මිලියන 1.5ක් මාසිකව මාලදිවයිනට අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගන්නොරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසර වනවිට තවත් රටවල් 4කට බිත්තර අපනයනය කිරීම සඳහා මේ වන විට සාකච්ජා කරන බවයි.
ලබන ජනවාරියේ සිට බිත්තර නිෂ්පාදනය වැඩි වී මෙරට බිත්තර මිල පහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමත්‍යවරයා එහිදී සඳහන් කළේය.