― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිපක්ෂ නායක හා IMF නියෝජිතයන් අතර හමුවක්

විපක්ෂ නායක හා IMF නියෝජිතයන් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා.

එහිදී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් මෙහිදි සිදුවිය.

එහිදී වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු අතර විශේෂයෙන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සිදු කර ඇති බලපෑමත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ සිටි පිරිස දැනුවත් කර සිටියේය.

එසේම සමගි ජන බලවේගය බලයට පත් වූ විගස මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒ තුළින් රට ගොඩ ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පැවසීය.

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr. Peter Breuer (Senior. Mission Chief), Ms. Katya Svirydzenka (Dep. Mission Chief), Dr. Sarwat Jahan (IMF Resident Representative), Ms. Manavee Abeyawickrama – (Local Economist), Lan Huong Vu (Communications Dept.) පිරිසක් එක් විය.

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, වේලුකුමාර සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.