30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවා අවසන්

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවා අවසන්

බංග්ලාදේශයෙන් ලැබුණු ඩොලර් මිලියන 200 ක ණය මුදලේ අවසන් වාරිකය ලෙස ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 50 ක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාව 2021 අගෝස්තු මාසයේදී බංග්ලාදේශයෙන් මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණයට ගෙන ඇත.

පසුගිය වසරේ දැවැන්ත ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම් සියල්ල කල් දමා තිබුණි.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව එම ණය මුදලින් අගෝස්තු 17 වැනිදා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් සහ 02 වැනිදා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ආපසු ගෙවා ඇත.

මීට අමතරව එම ණය මුදලේ අවසන් වාරිකය ලෙස ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 50ක් පසුගිය 21 වැනිදා ගෙවා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.