― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි

සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි

එඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන් රාජසිංහ රජතුමා ඉතිහාසයෙන් අමතක කර තිබෙන බවත්, සටන් දිනු අය පසෙකලා සටන් පැරදුණ අය වීරයන් කළ ඉතිහාසය පිළිබඳ යළි සිතා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවති “සීතාවක – සිසු ඇරුණලු” වැඩසටහනට එක්වෙමිනි.

මෙම සියලූ පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය මගින් ලබා දී තිබීම ද විශේෂත්වයකි.

පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම සංකේතවත් කරමින් සිසු දරු දැරියන් කිහිප දෙනෙකු වෙත පාසල් උපකරණ පිළිගැන්විම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවත් සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගරයක් ඉදිකිරීමට තමන් අදහස් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සීතාවක රාජධානිය සහ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කරුණු ලියා එවන ලෙස මෙහිදී ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා එහි හොඳම නිර්මාණයට තිළිණයක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.