― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහරක් කටාගේ පෙත්සමට දින දෙයි

හරක් කටාගේ පෙත්සමට දින දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින තමන්ව රදවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම නොවැම්බර් මස 06 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

අදාළ පෙත්සම අද (25) අභියාචනයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 09 වනදා ඉදිරිපත් කරන ලෙසත් ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 26 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඉන්පසුව අදාළ පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා සිදුකරන බවයි විනිසුරු මඩුල්ල නියෝග කළේ. තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එබැවින් එය දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙනවා.