25 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 දෙනෙක් රෝහලට යැවූ බස් රථ අනතුර

15 දෙනෙක් රෝහලට යැවූ බස් රථ අනතුර

කොළඹ – මහනුවර මාර්ගයේ පස්යාල, තිත්තමල්ගොඩ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාර්ගය අසළ නවතා තිබූ පුද්ගලික බස් රථයක ධාවනය වෙමින් තිබූ තවත් පුද්ගලික බස් රථයක් ගැටී අද (25) අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථය මාර්ගය අසල නවතා තිබූ අනෙක් බසයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූ මගීන් 15 දෙනෙකු වතුපිටිවල සහ වරකපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නිට්ටඹුව පොලීසිය මඟින් සිදුකරනවා.