26.6 C
Colombo
Sunday, December 3, 2023

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින් පැවතීම ගැටළුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (26) පැවති 2023 වාණිජ බේරුම්කරණ සම්මන්ත්‍රණය අමතමිති.

ජාත්‍යන්තර විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානය (IADRC) විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

2018 වර්ෂයේ දී විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට හැකිවීම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා එහි අඛණ්ඩ වර්ධනය සඳහා රජය කැපවී සිටින බව ද ප්‍රකාශ කළේය. මෙම මුලපිරීම් සඳහා සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ සහ ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

ආරවුල් නිරාකරණය කිරීමේ සාර්ථකත්වය ශ්‍රී ලංකාව, බාහිරය දෙස විවෘතව බලන ආර්ථිකයක් බවට පත්වීමේ අපේක්ෂාවන් සඳහා තීරණාත්මක සාධකයක් බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා, වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පත්කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු සිදුවෙමින් පවතින බව ද පැවසීය.

එම නීතිය මගින් දැනට පවතින ආයෝජන මණ්ඩලය, ආරවුල් කාර්යක්ෂමව විසඳීම අරමුණු කරගනිමින් පිහිටවනු ලබන ආර්ථික කොමිෂන් සභාව ලෙස පරිවර්තනය කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේ වැදගත්කම සහ විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වීමේ අවශ්‍යතාව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. රටේ තරගකාරී අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට දිවෙන කෘත්‍රිම බුද්ධිය (AI) බ්ලොක්චේන් තාක්ෂණය සහ හරිත බලශක්තිය වැනි නැගී එන ක්ෂේත්‍රවල විශේෂීකරණයට එක්වන ලෙස ජනාධිපතිවරයා නීතිඥ වෘත්තිකයන්ගෙන් ද ඉල්ලා සිටියේය.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇති බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තීරණයක් ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව ක්‍රියා කළ පිරිසක් සිටි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. මන්ත්‍රීවරයා මේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here