27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

සියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා පවතින සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීම දැනටමත් අරඹා තිබේ.

රට පුරා ඇති සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තම සංගමය සමඟ එකඟතාවයන්ට එළැඹී තිබෙන බව ලංකා ස්පා සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ පැවසුවේ.