27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක්

ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන 02ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පවත්වා තිබේ.

එකී පළමු උප වැඩසටහන යටතේ අර්බුද කළමණාකරණ රමුව හා මූල්‍ය අංශයේ ස්ථායිකරණය වැඩි දියුණ කිරීම සඳහා වන කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

දෙවැනි වැඩ සටහන යටතේ ඔරොත්තු දෙන සියල්ල ඇතුළත් මූල්‍ය පද්ධතියක් ගොඩ නැගීමට යෝජනා කර ඇත. පළමු උප වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වාර්ෂිකව සියයට 2ක පොලී අනුපාතයක් යටතේ වසර පහක සහන කාලයක්ද ඇතුළත්ව වසර 25ක නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට එළැඹීම පිණිස මුදල් අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.