උතුරු මැද පළාත තුළ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ කටයුතු දින දෙකක් තාවකාලිකව නතරකරන බව දැනුම් දෙනවා.
ඒ අනුව හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේදී උතුරු මැද පළාතේ සියලුම ආදායම් බලපත්ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බවයි දැනුම් දෙන්නේ.
ආදායම් බලපත්ර නිකුත් කිරීමේ eRL2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.