31 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලිනොච්චියෙන් කැළැල් සහිත මළ සිරුරක් හමුවෙයි

කිලිනොච්චියෙන් කැළැල් සහිත මළ සිරුරක් හමුවෙයි

ඊයේ (25) රාත්‍රියේ කිලිනොච්චිය, උට්ට්‍රව්පුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවු බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත අදාළ මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ පහරදීමකින් සිදුවූ බවට සැක කරන තුවාල කැළල් මළ සිරුරේ දක්නට ලැබෙන බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතය.

මියගිය පුද්ගලයා කෝනාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි මූලික විමෑශනවලදී අනාවරණය වී ඇත්තේ. මරණයට හේතුව සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබයි.