26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේට් රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

කුවේට් රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු සතුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක්ද නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

කුවේට් රාජ්‍යයේ ගබඩා සහායක වශයෙන් රැකියා අවස්ථා පවතින බවත්, ඒ සඳහා රුපියල් 450,000ක මුදලක් අවශ්‍ය බවත් මෙම පුද්ගලයා පවසා ඇති අතර ඒ අනුව බදුල්ල නගරය අවට පදිංචි පුද්ගලයින් 08 දෙනෙකු රවටා මොහු රුපියල් ලක්ෂ 26ට අධික මුදලක් ලබාගෙන තිබේ.

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව ගම්පොළ, අටබාගේ, අටබාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.