30 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන නෞකාවට මෙරටට පැමිණීමට අවසර දී නැහැ

චීන නෞකාවට මෙරටට පැමිණීමට අවසර දී නැහැ

චීනයට අයත් ෂි යෑන් 6 – පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට අවසර දී නොමැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

විදෙස් පුවත් සේවයක් සමග ඊයේ අමාත්‍යවරයා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි මේ බව පවසා ඇත්තේ.

ආරක්ෂාව පිළිබඳ ඉන්දියාවේ සැලකිලිමත්භාවය, ශ්‍රී ලංකාවට ද වැදගත් කරුණක් බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියාව ඇතුළු මිතුරන්ගේ එකඟත්වයෙන් සකස් කළ සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූල නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන මෙම ෂී යෑන් සික්ස් නෞකාව පසුගිය 20 වැනිදා ඉන්දීය සාගර කලාපයට ඇතුළු විය.