27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිලීපන් සැමරුමට තහනම් නියෝගයක්

තිලීපන් සැමරුමට තහනම් නියෝගයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙක් වන රසයියා ප්‍රතීපන් නොහොත් ත්‍යාගි තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ කූලකොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම හා ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ අද (26) දිනයේ තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාළියක් හෝ විරෝධතාවයක් සිදුනොකරන ලෙස අදාළ නියෝගයේ දැක්වෙනවා.

ත්‍රිකුණාමලය වරාය පොලීසිය අධිකරණය වෙත කළ දැනුම්දීමකට අනුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.