23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටිය දී එම පාසලේ ගුරුවරියකට හසුව තිබෙනවා.

09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමන් වතුර රැගෙන එන බෝතලයට කසිප්පු රැගෙනවිත් ඒවා ඉහළ ශ්‍රේණිවල සිසුන්ට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම ඊයේ (25) දිනයේ දී පාසලේ ගුරුවරියකට හසුවීමේ පසුව සිසුවාගේ භාරකාරීත්වය පාසලට කැඳවා අවවාදකර පිටත්කර යවා තිබෙනවා.

මෙම සිසුවාගේ මව විදේශ ගතව සිටීම හේතුවෙන් ඔහු සිය පුංචි අම්මා භාරයේ සිට පාසල් පැමිණ ඇති බවයි කලාවන පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධියෙන් පසු සිසුවාගේ භාරකාරීත්වයේ වගකීම තමන්ට භාරගැනීමට නොහැකි බව පවසමින් සිසුවා සමඟ ඔහුගේ පුංචි අම්මා කලවාන පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඇය සිසුවාගේ භාරකාරීත්වයේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, සිසුවාගේ භාරකාරීත්ව සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (26) දිනයේ ඔවුන් රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

එහිදී අධිකරණයේ දී සිසුවාගේ භාරකාරීත්ව ඔහුගේ වැඩිමල් සහෝදරයෙකු විසින් භාරගත් බව කලාවන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා